ජාතියේ පියා😂

දරුවන් 550 ක් ඉන්න තාත්තා කෙනෙක් ගැන අහලා තියෙනවා ද?


අද වන විට තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අවයව බද්ධ කිරීම,ලේ දන් දීම විතරක් නෙවෙයි ශුක්‍රාණු දන් දීම වගේ අවස්ථාත් ලෝකයේ ගොඩනැගිලා තියෙනවා.

මේ ආකාරයට ශුක්‍රාණු දන් දීම මඟින් පිරිමියාගේ ශුක්‍රාණු ජනනයේ ගැටලු නිසා මව්පියන් වීමේ වාසනාව අහිමි යුවලවලට මව්පියන් වීමේ අවස්ථාව උදාවී තිබෙනවා.එමෙන්ම එලෙස උපදින දරුවන්ගේ සැබෑ පියා රහසක්ව තබා ගැනීමද සිදු වනවා.

මේ ආකාරයට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ලොව පුරා දරුවන් 550 කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට නෙදර්ලන්ත අධිකරණය විසින් ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කර තිබෙනවා.

එරට නීතිය අනුව එක් පරිත්‍යාගශීලියෙකුට මව්පියන් 12 දෙනෙකු අතර දරුවන් 25 කට පමණක් සැබෑ පියා විය හැක.මෙයට හේතුව වන්නේ ජාන ව්‍යාප්තිය සමාන ජනිතයින් බොහෝ පිරිසක් සිටීම ජානමය රෝග ව්‍යාප්ත වීමට බලපෑමයි.ජොනතන් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා සිය සැබෑ අනන්‍යතා සඟවමින් සිය රටේදී මෙන්ම වෙනත් රටවලදීද දරුවන් 550 කට අධික පිරිසකට පියා වී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දරුවන් නැති අයට උදව් කිරීමෙන් තමා සතුටු වන බවයි.

#htdp

Comments