කොරෝනා වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි?

 

කොරෝනා වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි?



මෙය කෝවිඩ් -19 නව ප්‍රභේද පැතිරයාම සම්බන්ධයෙන් ලෝකය දැඩි අවධානයකින් පසුවෙන අවස්ථාවකි. එම වයිරසයේ නව ප්‍රභේද මොනවාද? ඒවා භයානක ඇයි? එම කරුණු කරෙහි ලෝකයේ වෛරස් විද්‍යාඥයන්ගේ අවධානය යොමුවෙමින් පවතී.

ඕනෑම වෛරසයක් කාලයත් සමඟ වෙනස් මුහුණුවරක් ගනී. සාර්ස්-කෝවිඩ්-2 වෛරසයටත් එම කාරණය පොදු ලක්ෂණයකි.

කොරෝනාවෛරසය වසරකට පෙර හඳුනාගනු ලැබීමෙන් පසු එම වෛරසයේ දහස් සංඛ්‍යාත විපරීතභාවයන් සිදුව ඇත.

"එයින් අතිවිශාල සංඛ්‍යාවක් ප්‍රභේද 'සාමාන්‍ය මගීන්' වැනි ස්වරූපයක් ගන්නා අතර, ඒවා මගින් බලපෑමක් නොමැත," ලන්ඩන් සරසවියේ රෝගකාරක විෂබීජ පිළිබඳ අංශයේ විද්‍යාඥ ආචාර්ය ලුසී වෑන් ඩොර්ප් (Dr Lucy van Dorp) පවසන්නීය.

"ඒවා වෛරසයේ හැසිරීම් රටාවේ වෙනසක් සිදුකරන්නේ නැහැ. ඒවා කරන්නේ වෛරසය රැගෙන යාමක් පමණයි," ආචාර්ය ලුසී වෑන් ඩොර්ප් (Dr Lucy van Dorp) සඳහන් කරයි.

එහෙත් සෑම මොහොතකම වෛරස් එහි පැවැත්ම සහ ප්‍රතිජනනයට හේතුකාරක වන මට්ටමින් විපරීත මුහුණුවර ගනී.

ආචාර්ය ලුසී වෑන් ඩොර්ප් පෙන්වා දෙන්නේ, "වෛරසයේ ප්‍රවාහනය කෙරෙන එම ප්‍රභේදවලට ස්වාභාවික වරණය තුළ එහි සංඛ්‍යාත වැඩිකළ හැකි අතර එමගින් නිවැරැදි වසංගත විද්‍යාත්මක සැකසුම් සකස්කළ හැකිවෙන," බවය.

202012/01 යනුවෙන් හඳුන්වනු ලබන එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සහ සමාන නමුත් ප්‍රභේද දෙකක් වන මෑතදී හඳුනාගන්නා ලද දකුණු අප්‍රිකාවේ 501.V2 කොරෝනාවයිරස් නව ප්‍රභේදය අතර වෙනස්කම් පවතී.

එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ කෝවිඩ් නව ප්‍රභේදයන් දෙකම බරපතල රෝගාබාධකාරක වන බවට සාක්ෂි ලැබී නැත. එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ එම නව ප්‍රභේදයන් ආසාදනයවීම් සංඛ්‍යාත්මකව වේගයෙන් වැඩිවීමත් සමඟ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය අසීරු අඩියකට වැටීමය.

ලක්ෂ සංඛ්‍යාත වෛරස් ලෝකය පුරා ජානමය විශ්ලේෂණයන්ට භාජනය කරනු ලැබ ඇත.

"අවධානය යොමුවෙමින් පවතින මෙම වෛරස ප්‍රභේදයන්හි කඩිනම් අන්තරායකාරීභාවය තක්සේරු කිරීමක දී සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇතිවෙන බලපෑමේ උත්සන්න වීමක් සිදු කෙරෙනවා," ව්‍යාධීන් වැලැක්වීම සහ පාලනය පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය (European Centre for Disease Prevention and Control) සඳහන් කරයි.

"මෙම නව වෛරස් ප්‍රභේද ආසාදනය වීම් දරුණු බවට තොරතුරු නැතත්, එම කොරෝනා ප්‍රභේද පැතිරයාමේ ප්‍රතිවිපාකයක් වශයෙන් විශේෂයෙන් ම වෘද්ධ වියේ පසුවෙන්නන් හෝ ව්‍යාධීන් කීපයකට ගොදුරුව සිටින්නන් රෝහල්ගත කරනු ලැබීම සහ මරණ අනුපාතයේ වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා," එම යුරෝපා මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වෛරස් ප්‍රභේදයන්ට වෙනස් වූ සම්භවයක් පවතින නමුත් තුනී පටලයක් සහිත ස්පයික් ප්‍රෝටීන අන්තර්ගත විකෘතියක් එමගින් හුවමාරු කෙරෙන අතර එම ක්‍රියාවලිය අනුව වයිරසය මිනිස් සෛලවලට ප්‍රවේශවීමට මගපාදා ගනී.

මෙම වෛරසය බොහෝ දෙනකුට ආසාදනයවීමට හේතුව හැටියට දකින්නේ වයිරසයේ එම හැසිරීමයි.

"දැනට එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ පැතිරයමින් පවතින වෛරස් ප්‍රභේදවල ස්පයික් ජානමය වෙනස්කම් ඇති අතර ඒවා විශාල මට්ටමින් ආසාදනය වීමට හේතුව එම තත්වය,' යයි වොරික් සරසවියේ මහාචාර්ය ලෝරන්ස් යංග් (Prof Lawrence Young) පවසයි.

එහෙත් එක්සත් රාජධානියේ හිංක්ස්ටන් හි 'වෙල්කම් සැන්ගර් විද්‍යායතනයේ (Wellcome Sanger Institute) ආචාර්ය ජෙෆ් බැරට්(Dr Jeff Barrett) ඉදිරිපත් කරන්නේ මෙවැනි අදහසකි.

"මෙය මෙතරම් වේගයෙන් පැතිරයන්නේ කෙසේද? යන්න තීන්දුකරනු ලබන්නේ වෛරසයේ හැසිරීම සහ අප කරන්නේ කුමක්ද? යන්න අතර සංයෝජනය අනුවයි."

තහංචි ළිහිල්කරනු ලැබීම සහ දැඩිකරනු ලැබීමත් සමඟ නව ප්‍රභේදයන්හි තත්වය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.වෛරසය ව්‍යාප්තිය පාලනයේ වරදකට කුඩා ඉඩකඩක්වත් නැහැ'' ඔහු පෙන්වා දෙයි.

"කෙසේවුවද, අලුත් වෛරස් ප්‍රභේදයට මූලික වශයෙන් මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය හෝ වෙනත් මැදිහත්වීම් මගහැර යන්න පුළුවන් බවට අපට කිසිම සාක්ෂියක් නැහැ. අපි කළයුත්තේ ඒවා දැඩිව පවත්වා ගැනීමයි."

මේ වනවිට එන්නත් බෙදාහැරීම ක්‍රියාත්මක වෙමින් පවතින අතරවාරයේ, විද්‍යාඥයන් දැඩි අරගලයක නිරතවෙමින් සිටින්නේ ස්පයික් ප්‍රෝටීනවලට ප්‍රතිචාරය දක්වන එන්නත් කෙරෙහි ඇතිකෙරෙන පරාවර්තනය තේරුම් ගැනීමටය.

ස්පයික් (එස්) ප්‍රෝටීනයේ විවිධ වෙනස්කම් සහිත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගැන විශේෂ අවධානයක් යොමුවෙමින් පවතී.

අඩුතරමින් කෙටි කාලයක් සඳහාවත් දැනට දෙනු ලබන එන්නත් ප්‍රයෝජනවත් බලපෑමක් ඇතිකරනු ඇතැයි බොහෝ විශේෂඥයෝ බලාපොරොත්තු තබති.

වෛරසයේ නව ප්‍රභේදයන්ට එරෙහිව ප්‍රතිපලදායක මට්ටමින් මාස කීපයක් ඇතුළත එන්නත් නවීකරණය කළ හැකි බව ලෙස්ටර් සරසවියේ වෛරස් විශේෂඥ ආවාර්ය ජුලියන් ඩබ්ලිව් ටැංග් (Dr Julian W Tang) පවසයි.

දැනට හසුවී ඇති කෝවිඩ් වෛරස් ප්‍රභේදයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයාගනු ලැබීම සඳහා විද්‍යාඥයෝ දැනටමත් විද්‍යාගාර මට්ටමින් අධ්‍යයන ආරම්භ කොට ඇත. ලෝකය පුරා පැතිරයමින් පවතින හෙයින් වෛරසයේ සියළු චර්යාවන් ග්‍රහණය කරගැනීම එම විද්‍යාඥයන්ගේ ප්‍රයත්නය වී ඇත.

ආසාදිත රෝගියකුගේ උගුරෙන් ලබාගත් වෛරස් සාම්පලයක් මගින් වෛරසයේ ජාන කේතය වෙන්කර ගැනීමට සහ විස්තාරණය කිරීමට හැකියාව ඇත. එසේම වෛරසයේ රසායනික සංයුතිය හඳුනා ගැනීමෙන් වෛරසයේ ජාන හා ජානමය විකෘති වී නම් සංසන්දනය කිරීමට අවස්ථාව ලැබෙයි.

"එවැනි උත්සාහයන්ට සහ එක්සත් රාජධානියේ විද්‍යාගාරයන්හි සිදුකෙරෙන පරීක්ෂණවලට පිංසිදුවන්නට එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින වෛරස් ප්‍රභේදය අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණක් හැටියට ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වූ," බව ආචාර්ය වෑන් ඩ්‍රොප් පවසයි.

මහාචාර්ය ජුලියන් හිස්කොක්ස් (Prof Julian Hiscox) ලිවර්පූල් සරසවියේ ලෝක සෞඛ්‍ය සහ ආසාදනය වීම් පිළිබඳ කමිටුවේ සභාපති පදවියෙහි කටයුතු කරයි. ඔහු මෙසේ සඳහන් කළේය.

"වෛරසය පරාජය කිරීමට විද්‍යාඥයන් ප්‍රයත්න දරන නමුත් මතුවෙන නව ප්‍රභේදයන් පාලනයට අප ඇත්තෙන්ම හොඳ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා."

"කෙටිකාලීන මට්ටමින් දැඩි 'ලොක්ඩවුන්' කිරීම් මගින් ආසාදිත ජන සංඛ්‍යාව අඩු කෙරෙනවා," මහාචාර්ය ජුලියන් හිස්කොක්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

"ලොක්ඩවුන් කිරීම මගින් වෛරසය ආසාදනය වෙන පුද්ගල සංඛ්‍යාව අඩු කෙරෙනවා.ඒවගේම වෛරසයේ පැතිරීමත් අඩුවෙනවා. එය යහපත් දෙයක්."

එසේවුවද, දිගුකාලීන මට්ටමින් බලනවිට අනාගතයෙහි 'ෆ්ලු' වැනි ව්‍යාධිජනක තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි මහාචාර්යවරයා සැක පළකරයි. එවිට සිදුවන්නේ අවුරුදු පතා අළුත් එන්නත් වර්ග සහ නිර්මාණය කරමින් තත්වය පාලනය කර ගැනීමටය.

"ප්‍රශ්නය වන්නේ විවිධ වෛරස් ප්‍රභේද ඇතිවීමත් සමඟ ඒවාට එන්නත්වල ශක්තිය නොතකා ක්‍රියාත්මකවීමට හැකියාවක් ලැබීම. එබැවින් එන්නත්වල පලෝත්පාදකභාවයේ අඩුවීමක් සිදුවෙන්න ඉඩකඩ තියෙනව," මහාචාර්ය ජුලියන් හිස්කොක්ස් පෙන්වා දෙයි.


Sourse BBC / WHO

#htdp

Comments

  1. Bet365 Bonus Code & Review - Get 100 Free Spins
    How Does 메리트 카지노 가입 쿠폰 Bet365 Bonus Code 우리 카지노 Work? 메리트 카지노 고객센터 — To access Bet365 bonus codes, simply create an account and use Bet365's welcome offer 메리트카지노 조작 code as the 카지노사이트 first deposit

    ReplyDelete

Post a Comment