Be My eyes

Be My Eyes App


කාර්යබහුල කෙනෙක් නෙමේ නම් මේක හරි සුන්දර වැඩක්. මේක app එකක්.මේකෙන් කරන්නේ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට උදව් කිරීම.  මේ app ඒකෙ කොටස් දෙකක් ඉන්නවා දෘශ්‍ය ආබාධිත පුද්ගලයන් සහ ස්වේච්ඡා සේවකයන්. 

ස්වේච්ඡා සේවකයන් විදියට මෙහි register වෙන අයට මේකෙන් ලෝකය වටා ඉන්න සීමිත දෘශ්‍ය ආබාධිත පිරිසකට එදිනෙදා වැඩ වලට උදව් වෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ඇදුම් මිලදී ගන්න විට වර්ණ තෝරා ගැනීමේදී, තව සමහර බඩු බාහිර ආදිය තෝරා ගැනීම් වගේ දේවල් වලදී මේ app එක හරහා දෘශ්‍ය ආබාධිත අයෙක්ට උදව් පුළුවන්.

මේක වෙන්නේ live video call එකක් හරහා, දෘශ්‍ය ආබාධිත පුද්ගලයෙකුට ස්වේච්ඡා සේවකයෙකු ගේ උපකාරය අවශ්‍ය වූ වෙලාවට ඒ් මොහොතේ available ඉන්න ස්වේච්ඡා සේවකයෙකුට video call එකක් ලැබෙන අතර කෝල් එක answer කරන්න අපිට විනාඩියක කාලයක් තිබෙනවා. ඒ video call එක answer කරලා අපට එයාට උදව් වෙන්න පුලුවන්.

ආශාවක් තියනවා නම් උදව්වක් කරලා පොඩි සතුටක් ලබන්න ඔන්න අවස්ථාව.


App එක Download කරගන්න.👇





Share කරල තව අය දැනුවත් කරන්න.


#htdp





Comments