Huawei පරදා Vivo සහ Oppo සමාගම් චීනයේ විශාලතම Smartphone සන්නාමයන් බවට පත් වෙයි.

Huawei පරදා Vivo සමාගම චීනයේ විශාලතම Smartphone සන්නාමය බවට පත් වෙයි.

Oppo දෙවැනි තැනට...


කාලයක් තිස්සේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙළෙඳ නාමය ලෙස Huawei ඉදිරියෙන් සිටියත්, මේ වෙනකොට  ඉතිහාසයේ පළමු වතාවට එම ස්ථානය හිමි කර ගැනීමට Vivo සමාගම සමත් වී තිබෙනවා. 

Counterpoint  Research ආයතනයේ නවතම වාර්තාවකට අනුව 2021 මේ වන විට චීනයේ සමස්ත ඡංගම දුරකතන වෙළෙඳපොළෙන් 24% ක් හිමිකර ගනිමින් පළමුවැනි ස්ථානයට පත් වීමට Vivo සමාගම සමත් වී තිබෙන අතර, 23% ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් Oppo, මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. 



නමුත් Huawei, Xiaomi හා Apple යන අනෙක් ප්‍රධාන වෙළෙඳ නාම තුනම 15% , 13% ක් බැගින් වූ වෙළඳපොළ ප්‍රතිශතයන් පමණක් හිමිකරගෙන තිබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, එයිනුත් Huawei සමාගමේ බිඳවැටීම මැනවින් ප්‍රදර්ශනය වන බව බවට විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

චීනය තුළ මේ වන විට වන විට අලෙවි වන සමස්ත ජංගම දුරකථනයන් වලින් 65% කට වඩා 5G සක්‍රීය කර තිබෙන අතර මේ නිසා චීන දුරකථන බෙදාහරින්නන් Huawei උපාංග වලට වඩාVivo , Oppo හෝ වෙනත් 5G enabled device අලෙවි කිරීමට යොමු වෙමින් තිබෙන බව සඳහන් වෙනවා. 

ඉතින් මිට කලින් ඇමරිකාවේන් දාපු සම්භාවිතා නිසා 5G උපාංග නිෂ්පාදනයට අවශ්‍ය components ලබාගැනීමට Huawei සමාගමට නොහැකි වීමේ පසුබිම තුළ ඔවුන්ට 5G ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම විශාල අභියෝගයක් වී තිබෙනවා.  

Vivo සහ Oppo සමාගම් වලට මෙලෙස චීන ජංගම දුරකථන දුරකථන වෙළඳපොළ ආක්‍රමණය කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස. කොහොම නමුත්  ඉදියේදී  Huawei යලි යතාතත්වයට පත් වුවහොත් ආපසු  Huawei හා Oppo , Vivo අතර හොද තරගකාරී බවක් දැකගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.  


එක්සත් ජනපද සම්බාධක නිසා ඇතිවී තිබෙන තත්වය හමුවේ Huawei සමාගමට සිය Sub brand එකක් වූ Honor brand එකද පසුගියදා විකුණා දැමීමට සිදු වූ අතර, මේ වන විට චීනය තුළ පිහිටුවා ඇති 10,000 ක් පමණ වූ නිල Huawei අලෙවිසැල් ද ටිකෙන් ටික අඩු වෙමින් පවතින බව Gizmochina වෙබ් අඩවිය වාර්තා කරනවා.  

 ඉහත කි පරදී  Huawei තවත් පසුබෑමක් සිදිවුහොත් ඉදිරියේදී oppo හෝ Vivo විසින් Huawei සමාගම මිලදී ගන්නත් බැරි නැහැ කියලා අපට සිතන්ට පුළුවන් .


#htdp 



Comments