කොකා කෝලා මාරයා ! බොන්න කලින් දෙවරක් හිතන්න.

                         කොකා කෝලා මාරයා !


කාලෙකට ඉස්සර අපේ රටේ වෙළෙඳපළෙන් කොකාකෝලා බැහැර වුණා.
ඒකට විවිධ සෞඛ්ය ගැටලු සහ ජනතාව දැනුම්වත් වීම බලපෑවා. නමුත් දැන්, දැන් ආයෙත් මේ කොකාකෝලා මාරයා ලංකාවෙ වෙළෙඳපළට ඔලුව දමමින් ඉන්නවා.
කොකාකෝලා වෙනස් වෙලා නෑ.
වස, වසමයි.
මාරයා, මාරයාමයි.
දැනට දශකයකට විතර ඉස්සර, නයිජීරියාවෙන්, බෝතල් කරපු කොකාකෝලා සහ ඔවුන් ගේ සෙසු පැණිබීම නිෂ්පාදන තොගයක් එංගලන්තයට අපනයනය කරපු වෙලාවක, එංගලන්ත බලධාරින් ඒ බෝතල් තොගය අත්අඩංගුවට අරගෙන විනාශ කළා.
එංගලන්ත බලධාරින් තහවුරු කළේ කොකාකෝලා සහ සෙසු පැණිබීමවල බෙන්සොයික් ඇසිඩ් සහ කෘත්රිම රසකාරක, ඇස්කෝබික් ඇසිඩ් සමඟ මිශ්රවීම නිසා එය පානය කරන්නන් ගේ ශරීරයට බෙහෙවින් හානිදායක වන බවයි.
ඒ අනුව පසුව මුළු නයිජීරියාවේ ම කොකාකෝලා බීම පානය කිරීමෙන් වැළකී සිටීමේ සමාජ රැල්ලක් හැදුණා. ඒක දකුණු අප්රිකාවට චෝදනා කරමින් තමයි නිර්මාණය වුණේ.
ඒ වගේ ම චීනයේ ෂැංෂූං නගරයේ කුඩා දරුවෙක් කොකාකෝලා සමාගමේ අනුබද්ධ මිනිට්මේඩ් යෝගට් එකක් අනුභව කිරීම නිසා හදිසියේ ම මියගියා. එහිදීත් තහවුරු වුණේ එකී යෝගට් වර්ගයේ ද ශරීරයට ඉතා අහිතකර රසායනික ද්රව්ය අඩංගු කර තිබුණු බවයි.
ඒ අනුව චිනයේ ප්රධාන නගරවල තිබුණු මිනිට්මේඩ් යෝගට්, කොකාකෝලා ඇතුළු සෙසු බිම වර්ග වෙළෙඳපළෙන් වහා ඉවත් කෙරුණා. එහිදී චින බලධාරින් පවසා තිබුණේ කොකාකෝලා බීම වර්ගය දැන දැන වස විස මුසු කරමින් චීනයේ අලෙවි කෙරෙන අමානුෂික ක්රියාවලියක් ආරම්භ කර තිබෙන බවයි.
කොකාකෝලා වැනි බීම වර්ග සහ ක්ෂණික ආහාර මේ විදියට ශරීරයට අහිතකර, පිළිකාකාරක සහ වෙනත් වස විස එකතු කරන්නේ අත්වැරදීමකින් නෙවෙයි.
ඒ නිෂ්පාදන ලෝකයේ ඖෂධ ජාවාරමත් එක්ක සම්බන්ධයි. ලෝකයේ බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන විවිධ ඖෂධ වර්ගවලට වෙළෙඳපළක් අවශ්යයි. ඒ සඳහා රෝගීන් අවශ්යයි. මෙන්න මේ විෂම චක්රය නිර්මාණය කරගැනිමට තමයි අමෙරිකාව වගේ රටවල් මේ විිවිධ අධික වස විස සහිත බීම සහ ආහාර වර්ග, නවීන විලාසිතා විදියට ලෝකය පුරා ප්රචලිත කරන්නේ.
ඒවා කාලයක් තිස්සේ පරිභෝජනය කරන අයට දරුණු රෝග වැළඳෙනවා. ඒ අනුව ඖෂධ ජාවාරමට අවශ්ය රෝගීන් අඛණ්ඩ ව නිර්මාණය වෙනවා.
අපේ රටේ වෛද්ය අධ්යයන පෙන්වා දෙන කාරණයක් තමයි මෑත වසර 30ක් පමණ කාලයක් තිස්සේ අපේ රටේ උදරය සහ බඩවැල් ආශ්රීත පිළිකා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙන බව. ඒ තත්ත්වය ඇති වි තිබෙන්නේ අද්භූත විදියට නෙවෙයි.
අපේ රටෙත් ‘වස විස නැති ආහාර‘ කියලා සමාජ රැල්ලක් තිබෙනවා. එයින් ඔප්පු වන්නේ කුමක් ද?
එළිපිට අලෙවි කරන ‘වස විස සහිත ආහාර‘ වෙළෙඳපළේ තිබෙන බවයි. නමුත් මේ ‘වස විස සහිත‘ ආහාර යන්නට ජනප්රිය ලෙස අන්තර්ගත වෙන්නේ කාමිනාශක, වල්නාශක ගැසූ එළවළු, පළතුරු වර්ග පමණයි.
ඒ වුණත්, ‘වස විස සහිත‘ ආහාර කිව්වා ම මේ කොකාකෝලා, ස්පරයිට් වගේ ම වෙළෙඳපළේ තියෙන කෘත්රීම බීම වර්ග සහ විවිධ රසකාරක එකතු කරපු, ජාන වෙනස් කරපු, ක්ෂණික සහ පහසුදායක ආහාරත් අන්තර්ගත වෙන බව දැනගත යුතුයි.
ඒ බීම සහ ආහාර වර්ගවලින් තමන් පරෙස්සම්වීමත්, දරුවන් ඇතුළු අනුන් පරෙස්සම් කිරීමත් ආදරණීයයන් ගේ ප්රධාන වගකීමක්.
විවිධ කෑමත් සමඟ කොකාකෝලා ප්රවර්ධනය කිරීම විලාසිතාවකටත් වඩා කෛරාටිකකමක් විදියටයි තේරුම්ගත යුත්තේ. ඒ අනුව රෝගී වන්නන් ගේ චෝදනා සෘජු ව කොකාකෝලා නිෂ්පාදනවලට එල්ල කිරීමේ අවස්ථාව නැති වෙනවා.
කවුරුන් හෝ නව ලිබරල්වාදය අහිංසකයි, ෂෝ්ක් කියනවා නම්, ඔහු/ඇය අනිවාර්යයෙන් ම එක්කෝ තක්කඩියෙක්, එක්කෝ ජාවාරම්කරුවෙක්, එක්කෝ නිහඬ ඝාතකයෙක්.
පරෙස්සම්වෙන්න !

Post By Kumara Liyanage

#htdp

Comments