කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමු. | COVID 19 Sinhala

 කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමු.







කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19කොරෝනා වයිරස් රෝගයට හේතු වේ.





මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත්වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.





මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්‍රම ක්‍රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුවේ.





මේ දක්වා , අධ්‍යන වලින් පෙනී යන්නේ COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහා නොව කැස්සකදී හෝ කිවිසුමකදී පිටවන බිඳිති බවය්”





රෝගය පැතිරෙන ප්‍රධාන ක්‍රමය වන්නේ පුද්ගලයකු කහින විට පිටවන බිඳිති මගිනි.එබැවින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගියකු මගින් චෝ-19 රෝගය බෝවීමේ අවදානම ඉතා අඩුය.එසේ වුවත් COVID-19 රෝගීන්ට බොහෝවිට පවතින්නේ සුළු රෝග ලක්ෂණ පමණි. මේ තත්ත්වය රෝගයේ මුල් අවධියේදී දැකිය හැක. එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.





අසාදිත පුද්ගලයකුගේ මලපහ මගින්,COVID-19 රෝගය බෝවිය හැකිද ?අසාදිත පුද්ගලයකුගේ මළ මත්‍ර මගින් COVID-19 එහෙත් ඇතැම් විට මෙම තත්ත්වය වෙනස් විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය, COVID-19 රෝගය සම්ප්‍රේෂණය වන කාල පරිච්චේදය පිළිබඳ තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු.



ඔබ රෝගි යැයි ඔබ සිතන්නේ නම්,

COVID-19 හි වඩාත් පොදු රෝග ලක්ෂණ මේවා වේ. සමහර අය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේ නැත.

මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.

  1. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න

  2. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න.

  3. නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගන්න

  4. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.

  5. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න..

  6. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

  7. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න..

  8. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

  9. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න..

  10. වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

  11. 1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක

  12. ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

  ඉහත රෝග ලක්ෂණ සඳහන් ඔබ,

පසුගිය දින 14 ඇතුලත පිට රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් නම්

හෝ

සැක කරන ලද COVID-19 රෝගියකු සමග සමීප සම්බන්ධතා පැවැත්වුයේ නම්

හෝ

එසේ ගමන් හෝ සම්බන්ධතා ඉතිහාසයක් නොමැති වුවත් විශේෂඥ වෛද්‍යවරයකු විසින් තහවුරු කරන ලද උග්‍ර නිව්මෝනියා තත්වයකින් පෙලෙන්නේ නම්

වෛද්‍ය උපදෙස් සඳහා ඉතා ඉක්මනින් ලගම ඇති රජයේ රෝහල වෙත යොමු වන්න.

ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය වීම


  1. ස්වයං නිරෝධායනය/ නිවසේසිට නිරෝධායනය වීම යනුකුමක් ද?

  2. “ස්වයං නිරෝධායනය/ ගෙදර සිට නිරෝධායනය වීම යන්නෙන් අදහස් වන්නේ, නීරෝගී ලෙස පෙනෙන, එහෙත්, අධි අවධානමක් සහිත විය හැකි පුද්ගලයින්රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන නොවන තැන්වල වෙන් කර තැබීමයි..

  3. ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය කළ යුත්තේ කාව ද?

  4. පසුගිය දින 14ක කාලය තුළ විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් පුද්ගලයකු හෝ
    එසේ ආසාදනය වී ඇති බවට සැක කරනු ලබන පුද්ගලයකු හෝ සමග පසුගිය දින 14ක කාලය තුළදී සමීප සම්බන්ධතාවක් පැවැත්වූ අයෙකු

  5. ස්වයං නිරෝධායනය/ නිවසේ සිට නිරෝධායනය සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

  6. • හැකිනම්, ඔබ වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කරගන්න.
    • හැමවිටම ඔබ සහ පවුලේ අය අතර අවම මීටර් එකක පරතරයක් තබාගන්න.
    • හැකිනම්, වෙනම වැසිකිළියක්/ නාන කාමරයක් භාවිතා කරන්න. ඒවා අනෙක් අය සමග හවුලේ පාවිච්චි කරන්නට සිදු වේ නම්, දොර අගුල්, කරාම ආදිය සබන් සහ වතුර යොදා පිරිසිදු කරන්න.
    • අමුත්තන්ගේ පැමිණීම දිරිගන්වන්න එපා./ හැකි තරම් අමුත්තන්ගේ පැමිණීම අවම කරන්න.
    • ඔබත්, ගෙදර අනෙක්අයත්, නිරතුරුවම හොඳින් දෑත් සේදිය යුතුයි. (දෑත් සෝදන විට අඩු වශයෙන් තත්පර 20ක්වත් එම කටයුත්ත සිදු කරන්න)
    • පිඟන්, කෝප්ප, වීදුරු, තුවා සහ ඇඳරෙදි හවුලේ පාවිච්චි කරන්නට එපා.ඔබගේ උපකරණ සබන් සහ වතුර පාවිච්චි කරමින් වෙනම හොඳින් සෝදන්න.
    •කහින සහ කිවිසුම් යන විට, ඉවත දමන ටිෂූ කඩදාසියකින් හෝ ඔබගේ වැලමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගන්න. භාවිතා කරන ලද ටිෂූ කඩදාසි පියනක් සහිත කසල බඳුනකට ආරක්ෂාකාරීව බැහැර කරන්න.
    • ඔබ විසින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ, ටිෂූ සහ අත්මේස් පියනක් සහිත කසල බඳුනකට ආරක්ෂිත අන්දමින් බැහැර කරන්න.
    • ඇස්, නාසය සහ මුඛය නොසේදූ අත්වලින් අල්ලන්නට එපා.
    • අඩු වශයෙන් දිනකට දෙවරක්වත් ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරගන්න.
    • ඔබට උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟ රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ/ හෝ වෛද්‍ය නිලධාරි වෙත දැනුම්දෙන්න.
    • දුරකථන අංක 1990 ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවය අමතා ආසන්නතම අදාළ රෝහල වෙත ගමන් පහසුකම් සපයාගන්න.



මූලාශ්‍රය: වසංගත රෝග ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය



Source - https://www.hpb.health.gov.lk/

#htdp






Comments